Thursday, October 17, 2013

Assassin's Creed: Lineage (2009) මිනීමරුවාගේ ඇදහිල්ල: පෙළපත

Assassin's Creed: Lineage (2009) මිනීමරුවාගේ ඇදහිල්ල: පෙළපත




















                        ඔන්න මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම ඔයාලට අරන් එනව. මුලින්ම පටන් ගත්තෙ ටීවී සීරිස් එකකින්. ඒ තමා Assassin's Creed: Lineage. මාත් ආසා කරපු කෙටි චිත්‍ර පටයක් තමා. මේ කථා මාලාවෙ පළවෙනි කොටස 26 October 2009 වෙනිද YouTube  වෙබ් අඩවියට එකතු කරනු ලැබුවෙ. මෙහි අධ්‍යක්‍ෂක වරය වන්නේ Yves Simoneau. නිශ්පාදනය කරල තියෙන්නෙ Pierre Raymond, Serge Hascoet (executive), Yannis Mallat (executive), Yves Guillemot (executive), Ian Whitehead (line). මෙම කතා මාලාව විනාඩි 36ක් (36 Minutes) පුරාවට දිගහැරෙනව. එහෙනම් කථාව ගැන ටිකක් දැනගමු.....
                      පහෙලාස්වන සියවසේ ඉතාලිය, පුනරුදය සිදුවූ වකවානුව මිනිස්සු පුනර්ජීවය ලැබූ කාලයක්. කොහොම උනත් කලයුතු නිවැරදි දේ පිළිබඳ දැක්මෙහි වර්ධනයක් වෙමින් තිබුනා. ඒ අතරේ එක්සත් ඉතාලිය විනාශ කිරීමටත්, බලවත් මෙඩිචි රාජවංශය පරාජය කිරීමටත් එක් දූෂිත පවුලක කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබුනා. ඒත් පුරාණ ඇදහීම් අනුගමනය කරමින් තවමත් යුක්තිය වෙනුවෙන් සටන් කළ පිරිසක් ඉතිරිව හිටියා. ජොවානි ඔඩිටෝරි, මේ කතාව පටන් ගන්නේ අන්න එතනින්...

                          UBISOFT ආයතනයෙන් හදපු එකම ටීවී සීරිස් එක මේක. Assassin's Creed 2 පරිගණක ක්‍රීඩාවට පූර්විකාවක් විදියට තමා හදල තියන්නේ. මේ ක්‍රීඩාව ගැන කව්රුත් දන්නව ඇතිනෙ. මේක සෙල්ලම් කරුවනම් මයාලා දන්නවා ඇතිනේ එත්සියෝ. අන්න එයගේ තාත්තා තමයි ජොවානි ඔඩිටෝරි කියන්නේ. මේ කතාව Episode 1,2,3, (අතුරුකථා) ආකාරයට දාලා තියෙනව. ඒ වගේම තනි File (ගොනුවක්) ආකාරයටත් දාලා තියෙවා. මේ දෙක අතර පොඩි වෙනස්කම් ටිකක් නැතුවම නෙවේ. මේ File හතරම අරන් බලන්නකො. 

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.