Showing posts with label Tutorials. Show all posts
Showing posts with label Tutorials. Show all posts
Friday, June 21, 2024
Thursday, June 18, 2020
Friday, February 14, 2020
Saturday, February 8, 2020
Torrent To Direct - Using sonicSeedBox - ( Torrent to IDM - Seedbox )

Posted by T-Media in
seedbox,
Torrent to Direct,
Tutorials
Sunday, February 2, 2020
Unlimited Download - Torrent to Direct - ( Using ZBIGZ )

Posted by T-Media in
Torrent to Direct,
Tutorials
Sunday, January 26, 2020
Torrent to Direct - Using FileStream ( Torrent to IDM )

Posted by T-Media in
Torrent to Direct,
Tutorials
Monday, January 20, 2020
Search torrents in the right way – ( Torrent Search )

How to Download Torrent ( Private & Public )

Torrent Tracker ( Public vs Private )

Torrent ? ( ටොරන්ට් ගැන සිංහලෙන් )

Sunday, May 12, 2019
Format & Codec ( Audio and Video
)

Audio and Video පිළිබඳව කතා කිරීමේදී මෙහි පාරම්පරික
පරිවර්තනයක් දකින්නට තිබෙයි. ඒ Audio and Video භාවිතා කිරීමත් සමග ඒවා ඉදිරි කාලවලදි නැවත ඇසීමට හෝ දැකීම අවශ්‍ය
වූ විට ඒවා සුරක්ශිතව තබාගැනීමට විවිධ ක්‍රම සොයාගත් අතර ඒවා මුල්ම කාලයේ Analog ලෙසින් පැවති අතර තාක්ෂණික දියුනුවත් සමග මේවා Digital මාධ්‍ය බවට පත්විය. එහිදී මෙය කොටස් දෙකකට වෙන්
කල හැක. ඒ Audio and Video ලෙසයි. මෙයද තවත් කොටස් දෙකකට වෙන් කල
හැකිය. ඒ Format & Codec ලෙසයි. මෙහිදී අතීතයේ සිට මේතාක් දුරට
Audio and Video භාවිතයේදී විශාල වශයෙන් Format
& Codec වර්ගයන් නිර්මාණය වි තිබෙනවා. ඒ සියල්ල
කතා කිරිමට මේ වගේ කුඩා ලිපියක් ප්‍රමාණවත් නොවෙයි. ඒ නිසාවෙන් වර්තමාණයේ වැඩි
වශයෙන් බාවිතා වෙන Audio and Video
වගේම Format & Codec පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්න
තීරණය කලා.
Format
Audio and Video කියන්නේ විශාල දත්ත ප්‍රමාණයක්. ඒවා
එකක් හෝ නැති වුවහොත් Audio and Video ව
නිවරදිව ක්‍රියාත්මක නොවෙයි. ඒ වගේම Audio and Video වෙනත් තැනකට කොපි කිරීමේදී මෙම ගොනු මගහැරීම සිදුවිය හැකි වේ. ඒ සඳහා තනි ගොණුවක් ලෙසින් මෙය සැකසීමට සිදුවෙයි. එයද ඒක් එක් කාලවලදී නැවත
දාවනය ( Play ) කරන උපකරන අනුව විශාල ප්‍රමාණයක්
නිර්මාණය විය. ඒවා Audio and Video සඳහා වෙන වෙනම නිර්මාණය විය. ඒවා Format එකක් ලෙස හැඳින්විය හැකි වේ. ඒවා වෙන වෙනම පහත
පරිදි වෙයි. මෙහිදි මැත කාලයේදී භාවිතා වන ඒවා පමණක් මෙහි සඳහන් කර ඇත. ඒ ඉතා
විශාල ප්‍රමාණයක් ඇති බැවිනි. අවශ්‍යම දේ පමනක් සඳහන් කර ඇත. මෙය හොදින් හදුනාගත හැකි වේ. Audio and Video ගොණුවේ අවසානයේ File Extension (
.mp3 .mp4 .mkv ) ලෙස තියෙන්නේ මෙයයි. සමහර
Audio පිටතින් දකින්නට නොලැබෙන නමුත් ( AAC AC-3 ) ඒවා Video ගොණුව තුලදී දකින්නට ලැබෙයි.
Audio Format
AAC - Advanced Audio Coding
HEAAC - High-Efficiency Advanced
Audio Coding V1 / V2
AC3 - Audio Codec 3
E-AC-3 - Dolby Digital Plus
FLAC - Free Lossless Audio Codec
M4A - MPEG-4 Audio
M4B - MPEG-4 Audio Book
MP3 - MPEG-3 Audio
WAV - WAVE Audio
WAVE - WAVE Sound
මෙය වර්තමාණයේ නිරන්තරයෙන්ම යොදාගන්නා
ගොනු වේ. අනෙකුත් දැ දැනගැනිමට අවශ්‍යනම් පහතින් ඇති ලින්ක් එක වෙත යන්න. එහා 500
ට වඩා දැකගැනිමට හැකිවෙයි.
Video Format
AVI - Audio
Video Interleave
MKV - Matroska
Video
MP4 - MPEG-4
Video
M4V - MPEG-4
Video
මෙය වර්තමාණයේ නිරන්තරයෙන්ම යොදාගන්නා
ගොනු වේ. අනෙකුත් දැ දැනගැනිමට අවශ්‍යනම් පහතින් ඇති ලින්ක් එක වෙත යන්න.
Codec
Codec යනු Audio and Video ගොනු හකුලන ක්‍රමවේදයයි. ( Compress ) එය යම්කිසි අනුපිළිවෙලකට සිදුකරයි. ඒ ආකාරය මත
විවිධ ක්‍රම හා නම් වලින් හඳුන්වනු ලබයි. මෙම Codec යොදාගනු ලබන්නේ විවිධ පටිගත කිරීමේ උපකරන සහ දාවන උපකරන සඳහා වේ. Audio
and Video ප්‍රමාණය ඉතා ඉහල ධාරිතාවයකින්
පවතියි. එය ප්‍රවාහනය ( පටිකත කල යන්ත්‍රයේ සිට නැවත සැකසීම් කිරිමට හෝ
වෙත් අයතනයකට හෝ ලබාගැනීම / ලබාදීම
), නැවත සැකසිම ( සිනමා පටයක් රූගත
කිරීමෙන් අනතුරුව ඒවා සන්ස්කරනය කිරිමට හැකි ආරයට පැවතීම ) , බෙදා හැරිම් මාද්‍ය
යන හේතූන් මත විවිධ ලෙස කාලෙන් කාලයට මෙම Codec යොදාගැනීමට සිදු විය සහ නිර්මාණය විය. මෙහිදි වැදගත්ම කාරනා දෙකක්
වෙයි. ඒ ගොනුවේ ප්‍රමාණය හා ගුණාත්මක භාවයයි. මේ දෙකම රැකගනිමින් මෙම ගොණු
පරිවර්තනය සිදුකල යුතු වේ. මේ සඳහා Audio and Video ගොණු හැකිලිම් ක්‍රම නිර්මාණය විය.
උදාරනයක් ලෙස සිනමා පටයක් වෙළඳ පොළට
මුදාහැරිමේදි එය නැරඹීමට පාරිබෝගිකයා යොදාගන්නේ DVD Player යන්ත්‍රයක් නම් මෙම සිනමාපටය DVD Disc එකක් තුල ඉහත කි පරිදි ගොනුවේ ප්‍රමාණය හා ගුණාත්ම එකලෙසින්ම
රැකගනිමින් DVD Disc එක තුල Save කිරිම සිදු කිරිමට සිදුවෙයි. ඒ වගේම එම
සිනමාපටය DVD Player යන්ත්‍රයෙහි ධාවනය වියයුතුවෙයි. මේ
සියල්ලම හේතුකොටගෙන මේ ආකාරයට සිනමාපටය සැකසීම සිදු කරයි. ඒ Video ගොණුව H.262 ( x262 ) / MPEG-2 Part 2 හෝ MPEG-1 Part 2 ලෙසින්ද Audio ගොණුව MPEG-2 Audio Layer 2 හෝ MPEG-2 Audio Layer
2 ලෙසින් Codec එක සැකසෙයි.
ඒ ආකාරයට විවිධ වූ Codec ගණනාවක් වන අතර ඒවා Audio and Video සඳහාද වෙන වෙනම දක්නට ලැබෙයි. ඒවා පහත පරිදි වේ.
Audio Codec
MPEG Layer 3 – (
For MP3 audio - .mp3 )
Advanced Audio Coding – ( For AAC
audio - .aac )
High-Efficiency Advanced Audio Coding
V1 / V2 – ( For HE-AAC v1 / v2 - .aac )
Audio Codec 3
Dolby Digital Plus
Video Codec
MPEG-1 Part 2 ( H.261 / x261 ) – (
For CD –Video / .dat )
MPEG-2 Part 2 ( H.262 / x262 ) – (
For DVD –Video / .vob )
MPEG-4 Part 2 ( H.263 / x263 ) – (
For Xvid / Divx / .avi .divx )
MPEG-4 AVC ( H.264 / x264 ) – ( For
AVC / .mp4 .mkv )
MPEGH HEVC (
H.265 / x265 ) – ( For HEVC / .mp4 . m4v .mkv )
මේ ආකාරයට තමයි Format & Codec යනු පහසුවෙන්ම අරථ දැක්වන්නේ. මෙහිදී වැදගත් කාරනයක් ලෙස හැදින්විය
හැකි කාරනා දෙකක් තිබේ මෑතකදී ඉතා ඉක්මනින් ජනප්‍රිය වගේම වැඩිපුර භාවිතයට ගන්නා Video Codec &
Audio Codec කිහිපයක් වෙයි. ඒ වගේම මෙම Audio සහ Video වල විශේෂ වැදගත්කම් කිහිපයක් වෙයි. එම වැදගත්කම් නම් ඒවයේ ගුණාත්මක
තාවය හා ඒවා හට ලගාකරගතහැකි උපරිම සිමාවන්ය. ඒවා පහතින් දැක්වේ.
Audio
MP3 = 2Ch (
Channel ) / 320 Kbps
AAC = 2Ch – 8Ch
/ 1024 Kbps
HE-AAC v1 = 2Ch –
6Ch / 256 Kbps
HE-AAC v2 = 2Ch
/ 56 Kbps
AC-3 = 2Ch – 6Ch
/ 640 Kbps
E-AC-3 = 2Ch – 15Ch
/ 6.144 Mbps
Video
MPEG-1 Part 2 ( H.261 / x261 ) – (
352x240 , 352x288 , 320x240 )
MPEG-2 Part 2 ( H.262 / x262 ) – (
352x240 , 720x576 , 1440x1152 , 1920x1152 )
MPEG-4 Part 2 ( H.263 / x263 ) – (
640x360 , 640x480 , 720x480 , 720x576 , 1280x720 , 1920x1080 )
MPEG-4 AVC ( H.264 / x264 ) – (
128x96 – 8192x4320 – 4K , 8K UHD , HDR )
MPEGH HEVC (
H.265 / x265 ) – (
128x96 – 8192x4320 – 4K , 8K UHD , HDR )
මේ ආකාරයට Audio &
Video වල වැදගත්ම ගුණාංග ඉහතින් සඳහන් කර ඇති
අතර මේවායේ වැදගත්ම කරුණු පටණක් මෙහි සඳහන් කොට ඇති අතර මේවායේ සංකීර්ණ විශාල
කරුණු ප්‍රමාණයක් ඇත. මේ අතරින් ව්රතමානයේ වැදගත්ම කාරනා දෙක් ලෙස ගත් විට Audio Codec වල E-AC-3 යන්න වැදගත්වේ. ඒ මෙහි උපරිම Audio channel ප්‍රමාණය 15 ක් විමයි. ( 14.1 ) ඒ වගේම Bitrate එකත් ඉතා ඉහල ඇති අතර ඒ නිසාවෙන් ඉතා සයුම්
ශබ්දයන් පවා මෙහි හොදින් ඇසිය හැකි වේ. Video දෙසින් බැලූ විට HEVC x265 Codec එක වැදගත්
තැනක් හිමිවි ඇත. මෙහි කැපි පෙනෙන කාරනය වන්නේ ඉතා අඩු Bitrate එකක් යොදාගෙන ඉතා ඉහල අධි විභේදන දර්ශන ( HD – High
Definition ) හොඳින් නිර්මාණය කලහැකි වීමයි. මෙය AVC x264 Codec එකට වඩා ඉතා ලොකු හැකිලිමේ (Compress ) ක්‍රියාවලියක් වේ. ඒ වගේම මෙම විඩියෝ පිටපත්
නැරබිමට ඉතා කාරයක්ෂමතාවයකින් යුතු පරිගනක හෝ ධාවන යන්ත්‍ර තිබිය යුතු වේ. ඒ වගේම AVC x264 ට වඩා වැඩි කාලවේලාවක් HEVC x265 Encode
එකක් සඳහා වැයවේ.
මෙහි ඇති වෙනස් කම් පැහැදිලි කිරිම සඳහා මම Avengers Endgame
2019 සිනමාපටයේ Trailer එකක් යොදාගනිමින් විවිධ සැකසුම් වලට අනුව x264 VS x265 Video
Encode එකක් කලා. මෙහිදි මම යොදාගත් පිටපතේ
ගුණාත්මක බාවය කිවයුතුමයි. 2160p 4K UHD 60FPS පිටපත
තමයි ගත්තේ. මෙහි සම්පූර්ණ කාලවේලාව විනාඩි 2 ක් සහ තත්පර 34 ක් වේ. මෙහි විනාඩි 2
යි තත්පර 5 හේ දි ලබාගත් Image එකක් එකක් තමා මම මේ සංසන්ඳනය කරන්නේ.
මෙම වීඩියෝ පිටපතේ ප්‍රමාණය 282MB වෙයි. පහතින් එම තෝරාගත් Image එක දැකගන්න පුළුවන්.

පහතින් මම සංසන්ඳනය කිරිම් 4 ක් කර ඇති අතර එහි Image 3 බැගින් ඇත. එහි අඩින්ම ඇත්තේ මේ ඉහතින් ඇති
මූලාස්‍ර පිටපතේ ( Source ) Image
එකයි. ඒ වගේම දෙවන Image AVC x264 Encode එකේ වන අතරම අවසානම Image එක වන්නේ HEVC x265 Encode එකේ වේ. මෙම Image මත Encoding සැකසුම්වල තොරතුරුද පහතට වෙන්නට සටහන්කොට තිබේ. 4 වන සැසඳිමේදි මම AVC x264 Encode සඳහා ලබාදුන්නාට වඩා ඉතා අඩු Bitrate එකක් HEVC x265 Encode සඳහා ලබාදි ඇත. මෙහි හොදින් බලන්න සුපැහැදිලි තාවයන් හා එක් එක් Codec වල ඇති සුවිශේෂි තාවයන්.

මෙහිදි බලන්න Encoding එකේදි ලබාදී ඇති Bitrate සහ Encoding එකෙන් ලැබි ඇති ගොණුවේ ගුණාත්මකභාවය හා එහි ප්‍රමාණය. එකම Encoding Settings ලබා දුන්නත් AVC x264 ගොණුවට වඩා HEVC x265 ගොණුවේ හොද පැහැදිලි තාවයක් රැකගැනීමට හැකිවී ඇති බව. මෙහි HEVC x265 ගොනුව 8bit වලින් පවතී. AVC x264 එසේමයි.

මෙහිදී එකම Encoding Settings ලබාදුන්නත් පෙර රූප සටහනට වඩා මෙහි සුළු වෙනස්කම් ඇත. ඒ Bitrate එක 700 සිට 500 දක්වා අඩු කිරීමත් HEVC x265 සඳහා Bit depth එක 10bit යොදා ගැනිමත් වේ. AVC x264 Encoding එක තවත් අපැහිදිලි වූ අතර HEVC x265 Encoding එකෙහි ගුණාත්මකභාවයට කිසිඳු හානියක් සිදුවී නොමැත.

මෙහිදී එකම Encoding Settings ලබාදුන්නත් පෙර රූප සටහනට වඩා මෙහි සුළු වෙනස්කම් ඇත. ඒ Bitrate එක 500 සිට 300 දක්වා අඩු කිරීමත් HEVC x265 සඳහා Bit depth එක 12bit යොදා ගැනිමත් වේ. AVC x264 Encoding එක තවත් අපැහිදිලි වූ අතර HEVC x265 Encoding එකෙහි ගුණාත්මකභාවයට කිසිඳු හානියක් සිදුවී නොමැත.

මෙහිදී Encoding Settings පෙර රූප සටහනට වඩා මෙහි සුළු වෙනස්කම් ඇත. ඒ Bitrate එක AVC x264 හි 700 ද HEVC x265 300 දක්වා වෙනස් කිරීමත් HEVC x265 සඳහා Bit depth එක 12bit යොදා ගැනිමත් වේ. AVC x264 Encoding එක සඳහා ඉහල Bitrate අගයක් ලබා දීම හා HEVC x265 Encoding සඳහා අඩු Bitrate අගයක් ලබාදී තිබුනත් AVC x264 ට
වඩා HEVC x265 ඉතා සුපැහැදිලිව පවතියි. ඒ වගේම HEVC x265 ගොණුවේ ප්‍රමාණයද ඉතා අඩු කරගැනීමට හැකි වී
ඇත. මෙය විවිද වීඩියෝ පිටපත්වලට වෙනස් විය හැකිය. නමුත් මෙම Codec දෙකෙහි වෙනස එසේම පවතියි.
ඒ වගේම විශෙෂයෙන්ම පැවසිය යුතු කරුනක් වන්නේ Audio Codec වලද මෙ ආකාරයේම Codec එකක් පවතී. ඒ HE-AAC v1 / v2 වේ.
සොයාගැනීම් අනුව මිනිසෙකුට අවම වශයෙන් සුපැහැදිලි ඇසිමක් සඳහා අවශ්‍ය අවම Audio Bitrate එක වන්නේ 128 Kbps වේ. එහෙක් මෙහි ඇති HE-AAC v1 / v2 Audio
Codec වලින් 40 Kbps තරම් අඩ් අගයකදි වුවද සාමාන්‍ය Audio Bitrate අගය වන 128 Kbps ඇති ගුණාත්මක භාවය එලෙසින්ම රුකගනියි.
Audio
/ Video හි සියළු කොඩෙක් අභි බවා HEVC Codec ඉදිරියෙන්ම සිටියි.
Friday, August 3, 2018
Tuesday, October 24, 2017
Torrent to Direct Convert Tutorial
ඔන්න මේ සැරේ ගෙනාවේ කාටත් වැදගත් වෙන කාරනයක් ගැනයි. ටොරනට් ගැන කව්රුත් දන්නවා ඇතිනෙ. ටොරන්ට් තහනම් වෙමින් යන කාලේ ඒ වගේම බාගත කිරිම් වලට අන්තර්ජාල සපයන්නන් බාදා ඇති කරන කාලයක්. ආත්මාර්තකාමී පිරිසක් මෙම ටොරන්ට් භාවිතා කරන්නන් අතර සිටියි. ඒ නිසා බාගත කිරීමෙන් පසු සිඩ්ස් නොකරන නිසාවෙන් බොහෝ දෙනෙකුට බාලත කිරීමට නොහැකි වෙනවා. Internet Speed එක අඩු කම / විවිධ හේතූන්මත බාගතකිරීම් අකරමගදී නැවතීම් සිදුවෙනවා. ඒ වලේම Time based Data Plan බාවිතා කිරන බොහෝ පිරිස් සිටියි. ඒ පිරිස් හට මෙම ගැටළු බොහෝ සෙයින් ඉලපානවා. පැරණි ටොරන්ට් එකක් මෙම Data Plan හරහා බාගත කිරිමට යාමෙන් සීඩ්ස් අඩු බැවින් කාලයත් මුදලත් අපතේ යනවා. එයට පිලියමක් ලෙස මම මෙම ක්‍රමය කියල දෙන්න හදන්නේ.
මෙහිදි කරන්න යන්නේ ටොරන්ට් ගොනුවක් Direct Download ක්‍රමයට හරවා ගැණීමටයි. මෙහිදී Seeds අඩු වුවත් වැඩි වුවත් සජීවී තත්වයේ පවතින ටොරන්ට් එකක් Download කරන්න පුවවන්. සජීවී තත්වය යනුවෙන් අදහස් කලේ කවුරු හෝ Seeder කෙනෙකුගේ Seeder කිහිප දෙනෙක් අතරේ හෝ ටොරොන්ට් ගොනුවේ කොස් 100% ම තිබිය යුතුයි. බොහෝ දෙනෙක් සිතනව Seed නැති උනත් ගන්න පුළුවන් කියල. ඒක බාරු කතාවක්. මේ සඳහා මම යොදාගන්නේ Seedr වෙබ් අඩවියයි. මෙම වෙබ අඩවියට බාගත කරගත්තාට පසු Seedr තුළ සිටම බාගත කරගන්නට පුළුවන්. එම File එක Cloud Storage එකක් තුලට Upload කිරිමට ද පුළුවන්. මේ පිළිබඳ අධ්‍යනය කිරිමට පහත වීඩියෝ පටය බලන්න. මෙහිදී මම විඩියෝ පට දෙකක් සකසා ඇත. Computer භාවිතා කරණ පිරිස සදහාත් Mobile භවිතා කරන පිරිස සඳහාත් වෙන වෙනම ලපාදී ඇත. පරිගණක භාවිතා කරන අයවළුන් හට Online නැරබීමට හැකි ලෙස ලබාදී ඇත. ජංගම දුරකතන භාවිතා කරන අයවළුන් හට වීඩියෝ පිටපත බාගත කරගැණීමට කුඩා ගොණුවක් ලබා දී ඇත.
Create Account ( Seedr ) : Click To SinUp
Create Account ( Seedr ) : Click To SinUp
Mobile User- ( 24 MB - 720p )
Monday, March 13, 2017
How To Disable Windows Update - ( Windows 10 )
Video Tutorials
ඔන්න යාළුවනේ කාටත් ප්‍රෙයෝජනවත් දෙයක් අරගෙන ආවා . Windows 10 Update නවත්තගන්න බැරි ගැටළුව. අන්තර්ජාල පහසුකන් තිබුනත් වැඩි මුදලක් වැය කරන්න වෙන නිසාවෙන්. මේ Update වෙන එක ලොකු කරදරයන් වෙලා තියෙනව හැමෝටම. ගොඩ දෙනෙක් මේ ගැන අහපු නිසාවෙන්ම මම මේ Video එක දාන්න හිතුව. වාඩි විස්තර Video එකෙන්ම බලාගන්නකො. නැවත හමුවෙමු.
Other Tutorials
Sunday, August 21, 2016
Online File Extract & Video Converting
මෙම Tutorial එකෙන් මම කථාකරන්න බලාපොරොත්තු වන්නේ Online ක්‍රමයට Compress File Extract කිරීම හා Video Convert කිරීම ගැනයි. වැඩිදෙනෙක් දැනටමත් දන්නවා ඇති TV Series Download කිරීමේදී GB අගයෙන් වැඩි File Download කරන්න වෙන්නෙ. එය ඇතැම් අයට කරදරයක් වනු ඇත. ඒ වාගේම Password තිබෙන්නටත් පුළුවන. Complete TV Series අපට කොටස් වශයෙන් Download කරගැනීමට මෙම ක්‍රමය යොදාගත හැක. Password File එකක් වුවද මෙහිදී යොදාගත හැක.
ඒවාගේම පැරණි TV Series ඉතා විශාල GB අගයකින් යුක්තවන අතර Quality සහ Resolution අගය ඉතා අඩු අගයක් ගනී. මෙයට විසඳුමක් ලෙස Video ගෙනුවේ Quality එලෙසින්ම තබාගෙන File size එක අඩු කරගැනීමට Online ක්‍රමයට Video Convert කිරීම ගැනීමයි. 350 MB .avi ගානුවක් 150 MB - 210 MB අතර අගයකට Convert කරගැනීමෙන් අඩු Data ප්‍රමාණයක් වැයකොට මුල් කොපියෙහි Quality සහ Resolution සහිතව Download කරගැනීමට පුළුවන. 50% වැනි Data ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ඇත.
මෙම Tutorial එක PDF ලෙසින් ඔබට මෙහිදී ලබාගත හැක. මෙහිදී සියළු ක්‍රියාවන් සඳහා යොදාගත් වෙබ් අඩවි පහතින් පළකොට ඇත.
Uptobox Premium Link Generator - ( Password :- www.ceelanka.org )
Download PDF ( No Add )
Thursday, June 9, 2016
Subtitle Synchronize Lesson 2
Audio Sync
Subtitle Synchronize කිරීම ගැන මගෙ දෙවන ලිපියත් අද Post කරනව. ගියසැරේ කතා කරේ English Subtitle එකේ Time Code එක මගින් Sync කරන විදිය ගැන නේ. අද කතා කරන්නෙ Video File එකෙහි ඇති Audio File එක භාවිතා කොට Subtitle Synchronize කරන ආකාරයයි. මෙහිදීත් මම English Subtitle එක යොදාගන්නව. ඒ වඩාත් නිවැරදි විම සඳහා. එය නැතත් මෙය අපට කප හැක.
මෙහිදී අපට ඕන කරන මෘදුකාංග කිහිපයක් තියෙනව මේ කාර්ය සඳහා. Subtitle Edit / VLC Player මේ දෙක ගැන නම් කව්රුත් දන්නවනේ . මෙහිදී VLC Player එක ඕන වෙන්නේ Audio ගොනුව Wave Form එකකට සකසා ගැනීමටයි.
මුලින්ම Video File / English Subtitle / Synchronize කිරීමට ගන්නා Subtitle File එක මේ සියල්ලම එකම Folder එකකට දැමිය යුතුය. මේ සියල්ලම එකින් එක Video Clip එකෙහි සඳහන් වෙනව. මම මෙයට Voice Cut එකක් එකතු කර නෑ. ඒ සඳහා මම Subtitle File එකක් මෙම Video Clip එකට හදල තියෙනව. එයත් Download කරගන්න. Video Clip එක 1080p File එක Download කරගන්න 51 MB අගයක් වෙන්නෙ.
Subtitle Synchronize කිරීම ගැන ඊලඟ Lesson එකෙන් හමුවෙමු.
* මෙම Synchronize කිරීම සඳහා මම යොදාගත්තේ 1080p HEVC x265 Video File එකක් බැවින් Screen Record කිරීමේදී Video දර්ශන මදක් ප්‍රමාද වීමක් දක්නට ඇත. එහෙත් ඔබගේ අධ්‍යන කිරිමට එය භාධාවක් නොවනු ඇත. එම දෝශය ගැන මාගේ කනගාටුව . . . . . .
Online ණරඹන අය සඳහා ( Subtitle On කරගන්න )
Video Download
Subtitle File
Friday, June 3, 2016
Phone Remote Control
ජංගම දුරකථනයෙන් පරිගණකය ක්‍රියා කරවීම.
තාක්ෂණික
දියුනුවත් සමග ජංගම දුරකථන තාක්ෂණය ද ඉතා ඉක්මනින් ව්‍යාප්ත විය. මුල් කාලයේ මිල
අධික වුවත් මෑත කාලය වන විට මිල ඉතා පහල අගයකට පැමිණ ඇත. මිල අඩු වුවත් තාක්ෂණයෙන්
අඩුවක් නොමැත. එම හේතුවෙන්ම ජංගම දුරකථනය සම්මත ක්‍රියාකාරිත්වයන්ගෙන් මිදී විවිධ
තාක්ෂනික උපක්‍රම ද එයට එක්වී ඇත. එයින් Bluetooth සහ Wi-Fi යනු
කාටත් එදිනෙදා අත්‍යවශ්‍ය අංගයක් වෙයි. ඉතින් අද මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ
මෙම තාක්ෂණය යොදාගෙන නිවසේ පරිගණකය දුරස්ථව ක්‍රියා කරවීමයි. මේ කාරනය කියනයාත්
සමගම ඔබට සිතෙනවා ඇති අපට කොයින්ද Smart Phone කියල. මේ සඳහා මම යොදා ගන්නේ Java Software එකක්. මෙම මෘදුකාංගය ස්ථාපණය කරන්න හැකි සියළු
ජංගම දුරකථන මගින් මෙම ක්‍රියාකාරකම සිදු කල හැක. මෙහිදී ඇතැම් මෘදුකාංගයෙහි දෝශ
හා යම් යම් විධාන සඳහා සහය නොදැක්වීම් වැනි සුළු වශයෙන් දොශ ඇතිවන්නට පුළුවන. එය
ජංගම දුරකථන මාදිලිය / මෘදුකාංගය සඳහා සහය දැක්වීම වැනි හේතූන් මත මෙවන් දෝශ ඇති
වුවත් Nokia / Samsung / Sony Ericson වැනි
ජංගම දුරකථන සදහා හොඳින් ක්‍රියාත්මක වෙයි. මෙහිදී
Bluetooth භාවිතා
කරණ්නන් හට දුර ප්‍රමාණය පිළිබඳ පොඩි ගැටළුවක් ඇති වන්නට පුළුවන්. එ් ඔබ භාවිතා කරණු
ලබන Device එකෙහි ඇති තාක්ෂණික දෝශයන් විය හැකිය. Laptop භාවිතා කරන්නන් හට මෙය ඇති නොවන්නට ඇත. Bluetooth Dongle මිලදී ගැනීමේදී හොඳ වර්ගයේ උපකරණයක් තෝරා ගන්න. Wi-Fi භාවිතා
කරන්නන් හට මේ ගැටළුව නොවනු ඇත. මෙම තාක්ෂණය Bluetooth ට පසු ලැමිණි බැවිනි. මම මේ සඳහා යොදාගෙන ඇත්තේ Nokia 2700 Classic සහ
Nokia C3-01 යන ජංගම දුරකථණ දෙකයි. මෙහිදී මම යොදානු ලබන්නේ Phone
Remote Control 5.20.0000 මෘදුකාංගයයි. මෙය ක්‍රියාකරන ආකාරය හා මෙයින් ලබාගතහැකි ප්‍රයෝජන පිළිබඳව සම්පූර්ණ පාඩම PDF ලෙසින් බාගත කරලන්න. මෘදුකාංගයද පහත Link හරහා ගොස් ලබාගත හැක.
Software Download Link
PDF Download Link


















