Friday, August 3, 2018

අනවසර සලරූ ( Pirated movie release types )

අනවසර සලරූ ( Pirated movie release types )


Film / TV Series පිටපත් නිකුත්වන ආකාරය මම මේ පොස්ට් එකෙන් ඔයාලට කියග දෙන්න යන්නේ. - CAM-Rip / CAM - බැලීමට අපහසු වෙයි. TS / HDTS - CAM පිටපතට සමාන වේ. TELESYNC - Vide ගුණාත්මක බව CAM පිටපතට සමාන වේ. Audio ගුණාත්මක බව CAM පිටපතට වඩා ගුණාත්මක බවකින් යුක්ත වේ. PDVD / Pre-DVD / PDVD-rips - ඉන්දියාව තුල CAM-Rip පිටපත් DVD වලට Write කොට විකුනයි. ඒවායෙන් ලබාගත් පිටපත් වෙයි. WP / WORKPRINT - මේ පිටපත චිත්‍රපටියේ වැඩ අවසන් නොකළ පිටපතකින් සාදා ගනු ලබයි. දර්ශන වල අඩුවක් පැවතිය හැක. TC / TELECINE - මෙය ලබාගන්නේ ඇනලොග් පටයේ සිට සංඛ්‍යාංක (Digital) පිටපත වෙත පරිවර්තනය කරනු ලබන යන්ත්‍රයෙනි. PPV / PPVRip ( Pay-Per-View Rip ) - PPVRips නිකුත් වන්නේ මුදල් ගෙවා බලන මූලාශ්‍ර වලිනි. SCR ( SCREENER ) / DVDSCR ( DVDSCREENER ) / BDSCR - DVD / BD හෝ VHS ඇලඩමි සාමාජිකයන් හට විචාරය කිරීමට පඉාදෙනු ලැබේ. DDC ( Digital Distribution Copy ) - විචාරය සඳහා Online යවනු ලැබේ. R5 / R5.LINE - කලාප 5 තුල විකුනණු ලබන DVD වේ. ( වැඩි විස්තර පහත ලින්ක් එකෙන් බලාගන්න. ) DVDRip - චිත්‍රපටයේ අවසාන නිකුතු විශේෂයයි. BD/BR Rip / Blu-Ray / BluRay / BLURAY - චිත්‍රපටයේ අවසාන නිකුතු විශේෂයයි. අදි විභේදන දසුන් සහිත වේ. - HDTV - HDTV හෝ PDTV හෝ DTH (Direct To Home) පිටපත් බොහෝ විට පැමිණෙන්නේ විකාශ සම්ප්‍රේෂණයෙනි DS Rip - Digital stream rip (DSR) යනු සැටලයිට් වැනි non standard definition digital මූලාශ්‍රයකින් ග්‍රහණය කල පිටපත් වේ. VODRip / VODR - මෙය සිදුකරනු ලබන්නේ කේබල් හා සැටලයිට් වැනි රූපවාහිණී සේවා අධාරයෙනි. WEB Rip - Hulu / Netflix වැනි Online විකාශය වීම් (capture) කිරීම මගින් නිර්මාණය කරනු ලබයි. WEB-DL - Amazon හෝ iTunes වැනි අඩවි වලින් බාගත කරගන්නා ලද ඒවා වේ. - වැඩි විස්තර පහතින් http://bit.ly/2FcNURu - ඉහත සියළුදේ දැනගැනීම පිණිස සඳහන් කලත් අපද වැදගත්ම මෑත කාලයේදී දැකගතහැකි පිටපත්වල අනුපිළිවෙල පහතින් බලමු. - Film පිටපත් නිකුත්වන ආකාරය. - 1. CAM-Rip / CAM 2. TS / HDTS 3. TC / HDTC / TELECINE 4. PDVD / Pre-DVD / PDVD-rips - Indian කුල වැඩිවශයෙන් නිකුත්වේ. 5. SCR ( SCREENER ) / DVDSCR ( DVDSCREENER ) - Indian කුල වැඩිවශයෙන් නිකුත්වේ. 6. HDTV - HDTV හෝ PDTV හෝ DTH - Indian කුල වැඩිවශයෙන් නිකුත්වේ. 7. HD-Rip / HC HD-Rip - HC ( Hard Coded Subtitled ) 8. WEB-Rip / HC WEB-Rip - HC ( Hard Coded Subtitled ) 9. WEB-DL 10. Bluray / BD / DVD - TV Series පිටපත් නිකුත්වන ආකාරය. - 1. HDTV / PROPER / INTERNAL HDTV 2. WEB-Rip / WEB-DL 3. Bluray / DVD - චිත්‍රපට වලදී HD-Rip / HC HD-Rip සිට ( ඉන්දියාව තුළ HDTV - HDTV හෝ PDTV හෝ DTH ) හොඳින් නැරබියහැකි පිටපත් වෙයි. හොඳම නැරභීමක් සඳහා Bluray / BD / DVD පිටපත් යොදාගැනීම සුදුසු වෙයි. ඊට පෙර නැරභීමට අවශ්‍ය නම් WEB-DL පිටපත් මම අනුමත කරනු ඇත‍ - මෙහිදී අවසාන පිටපත් Bluray / DVD වුවද මෙහිද විවිධ සංස්කරණයන් නිහිපයක් දක්නට ලැබෙයි. Director Cut / Limited / special / Collector / Theatrical සහ Extended . මම දන්න පරිදි මෙම සංස්කරණ නිකුත් වේ. මෙහිදී Director Cut බොහෝ දුරට WP / WORKPRINT වලට තරමක් සමාන වේ. මෙහිදී ඉහත කී පරිදි විවේචනයන් සඳහා නිකුත්කරණු ලබන පිටපතක් බැවිණී. මෙහි ඇකැම් කොටස් වෙනස් වීම් සිදුවිය හැක. කොටස් ඉවත්වීම් සිදුවේ. ඒවා Deleted Sense පෙස හදුන්වයි. එනිසා මෙය අවසාන පටය නොවන්නට ඉඩ තිබෙි. Limited Edition / special Edition මෙම සංස්කරණයන් දෙකෙහි විශේෂත්වය වන්නේ යම් පරමාරථයන් උදෙසා නිකුත් කිරීමක් බැවිනි. Limited Edition හි ඉතා අඩු හේ ඉහල අගයකින් පිටපත් නිකුත් විය හැක. මෙහි විවිධ නොටස් වෙක අවදානය යොමුවන ලෙස සකස්කොට ඇත. වීඩියෝ කොටස් කරමක් අඩුවෙක් පැවතීමට පුවවන. එහෙත් Collector Edition හි පෙර කී සංස්කරණ දෙකට වඩා යම් යම් වීඩියෝ කොටස් වැඩිවන්නට පුළුවනි. Theatrical සංස්කරණය සිනමාහල් සඳහා නිකුත් කරණ පිටපතක් බැවින් මෙහි සම්පූරණ සිනමා පටය තිබීමේ ඉඩකඩ අඩුවේ. මුළු කාල වේලාව තුල තැනින් තැන කොටස් ඉවත්කොට ඇත. Extended Cut හි සිනමා පටයේ කිසිඳු කොටසක් ඉවත් නොකරණ ලද සංස්කරණ පිටපතයි. මෙහි ධාවන කාලය සාමාණ්‍ය පිටපතට වඩා වැඩි වන්නට පිළිවන්. තවත් ලිපියකින් හමුවෙමු.

1 comment:

Note: Only a member of this blog may post a comment.