Friday, August 3, 2018

Alternate Versions of Films

Alternate Versions of Films



               යාළුවනේ ඔන්න එහෙනම් කාටත් වැදගත්වෙයි කියල හිතෙන දෙයන් අරන් ආව. මැතකදී කාගෙත් කාතාබහට ලක්වුනු කාරණාවක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. සිනමා පටයක් නිදහස් වීමෙන් පසු විවිධ වූ සංස්කරණ නිකුත් වීම සිදුවෙනවා. මේ පිළිබඳව පොඩි දැනුමක් කාටත් ලබාදිමට තමයි මේ ලිපිය ලියන්නේ. ඉතින් කව්රුත් කැමති සම්පූර්න සිනමා පටයම නැරබීමට. ඉතින් බොහෝ දෙනෙකුට කොයි සංස්කරණයද ගන්න ඕන කියන කාරනය ගැටළුවක්. එය විසඳමක් කරගැනීමට මෙම ලිපිය කියවීමෙන් හැකි වේ. නිකුත්වන සංස්කරණ අතුරින් අපට අහන් දකින්න ලැබෙන 
අවශ්‍ය කරණ සංස්කරණ ගැන පමණක් මම මෙහා සඳහන් කරල ඇති. මාගේ වචනයෙන් කාටත් තේරෙන ආකාරයට පැහැදිළි කරල ඇති. වැරදි තිබෙන්නට පුළුවන්. දැනගතයුතු අවශ්‍ය දේ මෙයින් ඔබට ලබාගතහැකි බව විස්වාසයි. 


Director's Cut

මෙම සංස්කරණය අධ්‍යක්ෂ වරයා විසින් සංස්කරණය කිරිමට පෙර නිකුත් කරණු ලබන පිටපතකි. මෙය ප්‍රසිද්ධ කිරිමට යොදා නොගනියි. කතෘ වරු ඇතුළු අනෙකුත් සාමාජිකයන් අතරේ සාකච්චාවට භාජනය වන අතර එයින් පසු අවසාන සංස්කරණයට සූදානම් කරයි. මෙහි සිනමා පටයේ බොහෝ කොටස් තිබිය හැකිය. 


Extended Cut 

ඇතැම් අධ්‍යක්ෂ වරු Director's Cut වලට කැමති නැහැ. විශේෂයෙන් James Cameron සහ Peter Jackson මෙම දෙදෙනාගේ අදහස වන්නේ සිනමා පටයේ සියළුම කොටස් සිනමා ශාලා වෙත ඉදිරිපත් කිරීමයි. මෙහිදී කිසිඳු කප්පාදුවක් සිදු නොවූ සිනමා පටයක් මෙහි දැක ගතහැකි වෙයි. මෙය දැන් වෙනම නිකුත් කිරීමක් දක්නට ලැබෙයි. මෙහි දාවන කාලය දිර්ග වේ. උදා- Load of the rings 


Special Edition, Limited Edition , Deluxe Edition , Collector's Edition

මෙම සංස්කරණය වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. මෙය විශෙෂ හේතුන්මත විවිධ දෑ එක් කරමින් මෙම සංස්කරණය සකස් කරණූ ලබයි. මෙහි වීශෙෂ දෑ අඩංගු  වේ. පොත් , ඇඳුම් , වාහන , මත්ද්‍රව්‍ය , යම් භාන්ඩ වෙලඳ දැන්වීමක් සේ විවිධ වීඩියෝ කොටස් සහිතව මෙම සංස්කරණය නිශ්පාදනය වෙයි. මෙය සීමිත ප්‍රමාණයකින් නිකුත්වන අතර ඇතැම් රටවලට පමණක් සිමා විය හැක. 


Uncut 

මෙය බොහෝ දුරට Extended Cut සංස්කරණයට සමාන වේ. 


Ultimate Edition

මෙම සංස්කරණයට කියන තවත් නමක් තමයි Limited Edition. ඉහතින් කි පරිදි මෙම සංස්කරණයේ විශේෂ කොටස් තිබිය හැකි වේ. මෙහි තිරගතවන කාලසීමාව දීරග විය හැකිය. උදා- Harry Potter සිනමා පට මෙම සංස්කරණයෙන් නිකුත් විය. පළමු සිනමා පටය හැර.


Remastered Edition

මෙම සංස්කරණයෙන් නිර්මාණය කරනු ලබන්නේ ඇනලොග් (  Analog ) මූලාශ්‍යයක් අදාරයෙන් ඩිජිටල් ( Digital ) ගොනුවක් ලෙස ප්‍රතිණිර්මාණය කිරීමයි. මෙම ක්‍රමය යොදන්නේ ඉතා පැරණි සිනමා පට සඳහා වෙයි. මෙහිදී විවිධ මූලාශ්‍ර යොදාගණු ලැබෙයි. Taps , CD , DVD , Bluray & Other . මෙහිදී අධි විභේදන සහිතව ප්‍රතිණිර්මාණය සිදු කොරෙන අතර එය 2K , 4K , 6K , 8K වෙයි. මෙහි සාමාණ්‍යෙයන් 4K 4096 × 3092 ලෙසින් සිදු කරණ අතර ශබ්දයන් ද ප්‍රති නිර්මාණය කරණු ලබයි. මෙහිදී අපැහැදිලි තාවයන් ඉවත් කිරීම ශබ්දයන්ගේ ගෝසා සහිත කොටස් ඉවත්කොට ඉතා පැහැදිලි ශබ්ද නිර්මාණය කරයි. මෙහිදි කිසිඳු සංස්කරණයකට පෙර මෙහි ප්‍රමාණය 12 - 16 TB අතර පවතියි. මෙම ප්‍රමාණයන් විවිධ සිනමාපට අනුව වෙනස් වේ. මෙය අවසානයේ නැවත  Bluray , DVD හෝ වෙනත් ආකාරවලින් නිකුත්විම සිදුවේ. උදා- මෙම ආකාරයට ප්‍රතිණිර්මාණය කල සිනමාපටයක් ලොස The Big Boss 1971 හැදින්විය හැකිය. මෙහි පෙර සහ පසු මෙහි ඇති වෙනස පහතින් බලන්න. 




Theatrical Cut

මෙම සංස්කරණය විශේෂයෙන්ම සිනමාහල් සඳහා නිකුත් වන පිටපතක් වෙයි. මෙහිදී සිනමාහල් වල නැරබීම් කාලය අනුව සකස්කොට දෙනු ලබයි. මෙහිදී මෙම සංස්කරණයද පසු නාලීණව නිකුත්වීම සිදු කරයි. ඇතැම් සිනමා පටවල වැඩිම ධාවන කාලය සටහන් වන්නේ මෙම සංස්කරණයේ වීම නිසා මෙය කිසිඳු ආකාරයකින් සිනමා පටයේ සියළුම කොටස් ඇත සහ නැත යන්න ස්තිරවම කිව නොහැක. ඇතැම් සිනමා පට මෙම 
සංස්කරණයේදී කොටස් අඩු වින අතර ඇතැම් සිනමා පටවල වෙනත් කිසිඳු සංස්කරණයකට වඩා මෙම සංස්කරණයේදි දීරගතම කාලය සටහන් වෙයි. උදා-  Harry Potter පළමු සිනමා පටය. එහි Ultimate Edition නිකුත් වූයේ නැහැ. ඒ ඒවන විටත් සම්පූර්ණ පිටපතක් ලෙස Theatrical Cut පිටපත නිකුත් වී ඇති බැවින්. 

ඉතින් ලිපිය කියවපු අය දනිනවා කොයි සංස්කරණයද සම්පූර්ණ සිනමා පටයම් නිකුත් වන්නේ කියල. ඒ වගේම හැමෝම මෙතෙක් හිතාගෙන ඉන්න ඇති නේ Extended Cut එක තමයි සම්පූර්ණම පිටපත් ලෙස නිකුත් වෙන්නේ කියල. එය බොහෝ වෙලාවට නිවරදි වුවත් මෙම ලිපිය කියවන විට ඔබටම තේරෙන්න ඇති එය විවිධ අවස්ථාවල වෙනස්වී ඇති බවත් සෑම වෙලාවකම Extended Cut එක පමණක් නෙවේ සම්පූර්ණ සිනමා පටයම 
නිකුත් කරන සංස්කරණය කියල. ඉතින් ඒ නිසාවෙන් සිනමපටයක් නිකුත් වීමෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීම තමයි හොඳම ක්‍රමය කිනම් සංස්කරණය හරහාද සිම්පූර්ණ සිනමා පටය නිකුත් වන්නේ කියන කාරණය.

Unrated

The Motion Picture Association of America (MPAA) විසින් අනුව සියළු කප්වපාදුවන් සිදු කර එයට යම් අගයක් ලබාදේ. එය අපි ඉහතින් හඳුනන Theatrical Version යන්නයි. මේ ඩවත් කරණ ලද කොටස් සහිත සම්පූර්ණ සිනමා පටය Unrated Version යනුවෙන් ඉදිරිපත් වේ. මෙම Version සඳහා MPAA විසින් කිසිඳු අගය කිරිමක් වොලැබේ.

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.