Friday, June 3, 2016

Phone Remote Control ජංගම දුරකථනයෙන් පරිගණකය ක්‍රියා කරවීම.

Phone Remote Control
ජංගම දුරකථනයෙන් පරිගණකය ක්‍රියා කරවීම.

 


  
                   තාක්ෂණික දියුනුවත් සමග ජංගම දුරකථන තාක්ෂණය ද ඉතා ඉක්මනින් ව්‍යාප්ත විය. මුල් කාලයේ මිල අධික වුවත් මෑත කාලය වන විට මිල ඉතා පහල අගයකට පැමිණ ඇත. මිල අඩු වුවත් තාක්ෂණයෙන් අඩුවක් නොමැත. එම හේතුවෙන්ම ජංගම දුරකථනය සම්මත ක්‍රියාකාරිත්වයන්ගෙන් මිදී විවිධ තාක්ෂනික උපක්‍රම ද එයට එක්වී ඇත. එයින් Bluetooth සහ Wi-Fi  යනු කාටත් එදිනෙදා අත්‍යවශ්‍ය අංගයක් වෙයි. ඉතින් අද මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මෙම තාක්ෂණය යොදාගෙන නිවසේ පරිගණකය දුරස්ථව ක්‍රියා කරවීමයි. මේ කාරනය කියනයාත් සමගම ඔබට සිතෙනවා ඇති අපට කොයින්ද Smart Phone කියල. මේ සඳහා මම යොදා ගන්නේ Java Software එකක්. මෙම මෘදුකාංගය ස්ථාපණය කරන්න හැකි සියළු ජංගම දුරකථන මගින් මෙම ක්‍රියාකාරකම සිදු කල හැක. මෙහිදී ඇතැම් මෘදුකාංගයෙහි දෝශ හා යම් යම් විධාන සඳහා සහය නොදැක්වීම් වැනි සුළු වශයෙන් දොශ ඇතිවන්නට පුළුවන. එය ජංගම දුරකථන මාදිලිය / මෘදුකාංගය සඳහා සහය දැක්වීම වැනි හේතූන් මත මෙවන් දෝශ ඇති වුවත් Nokia / Samsung / Sony Ericson වැනි ජංගම දුරකථන සදහා හොඳින් ක්‍රියාත්මක වෙයි.  මෙහිදී Bluetooth භාවිතා කරණ්නන් හට දුර ප්‍රමාණය පිළිබඳ පොඩි ගැටළුවක් ඇති වන්නට පුළුවන්. එ් ඔබ භාවිතා කරණු ලබන Device එකෙහි ඇති තාක්ෂණික දෝශයන් විය හැකිය. Laptop භාවිතා කරන්නන් හට මෙය ඇති නොවන්නට ඇත. Bluetooth Dongle මිලදී ගැනීමේදී හොඳ වර්ගයේ උපකරණයක් තෝරා ගන්න. Wi-Fi  භාවිතා කරන්නන් හට මේ ගැටළුව නොවනු ඇත. මෙම තාක්ෂණය Bluetooth ට පසු ලැමිණි බැවිනි. මම මේ සඳහා යොදාගෙන ඇත්තේ Nokia 2700 Classic සහ Nokia C3-01 යන ජංගම දුරකථණ දෙකයි. මෙහිදී මම යොදානු ලබන්නේ Phone Remote Control 5.20.0000 මෘදුකාංගයයි. මෙය ක්‍රියාකරන ආකාරය හා මෙයින් ලබාගතහැකි ප්‍රයෝජන පිළිබඳව සම්පූර්ණ පාඩම PDF ලෙසින් බාගත කරලන්න. මෘදුකාංගයද පහත Link හරහා ගොස් ලබාගත හැක. 

Software Download Link


PDF Download Link

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.